1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනත යටතේ ප්‍රාදේශිය සභා ස්ථාපිත කරන ලද අතර එය පළාත්පාලනආයතනයක් /ප්‍රාදේශිය ආණ්ඬුවක් ලෙස යම් කිසි නිශ්චිත නාගරික හෝ ග්‍රාමීය ප්‍රාදේශයක පරිපාලනය හා සංවර්ධනය අරමුණු පදනම් කොටගෙන ක්‍රියාත්මක වේ. මෙහි විශේෂත්වය වන්නේ ඒවා නිතිමය පද්ධතියක්තුළ ක්‍රියාත්මක වීමයි. මධ්‍යම රජයට හා පළාත් සභාවලට ප්‍රාදේශිය සභා ආයතනවල අධීක්ෂණ බලතල පවරා ඇතත් එම අධීක්ෂණ කටයුතු කළ හැකි වන්නේ නිතියෙන් පැවරි ඇති සීමාවන්ට පමණි. මෙහිදී ප්‍රාදේශිය සභාක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති හා පළාත් පාලන ආයතනවලට අණ පණත් වලින් පැවරි ඇතිබලතල යටතේ නිතිමය ව්‍යුහවලට අනුකුලවය.

ප්‍රාදේශිය සභා දැක්ම 1987 අංක 15 දරන පනත තුළ අන්තර්ගත වන්නේ පහත අයුරිනි

“පරිපාලන සහ සංවර්ධන කටයුතුවලට අදාළව තිරණ ගැනිමේ ක්‍රියාවලියෙහි ජනතාව පළාත් මට්ටමින් ඵලදායි ලෙස සහභාගි විම සඳහා වැඩි අවස්ථා සලසා දිමේ අරමුණු ඇතිව ප්‍රාදේශිය සභා පිහිටු විම සඳහා ඳ එම සභාවල බලතල කාර්යයන් සහ කර්තව්‍යයන් නිශ්චය කිරිම සඳහාඳ පනතකි.

ප්‍රාදේශිය සභා වෙත පැවරි ඇති සියලු කාර්යයන් හා වගකිම් හා බලතල අයත් වන්නේ සංවර්ධනවිෂය ක්ෂේත්‍රයටය. මෙම සංවර්ධන කාර්යය ප්‍රාදේශිය මට්ටමෙන් පොදු පරිපාලන, මහජන උපයෝගිතා සේවා,මහජන සෞඛ්‍ය සේවා භෞතික සැලසුම් , මංමාවත්, ඉඩම් හා ගොඩනැගිලි, ජල සේවා, සුභ සාධක සේවා පහසුකම් යන ක්ෂේත්‍ර ගණනාවකට විහිදි ඇත.

මෙම පරිපාලන සහ සංවර්ධන කටයුතු සිදු කිරිම මධ්‍යම රජයේ ප්‍රතිපාදන, පළාත් සභා අරමුදල්, වරිපනම්, බඳු මුදල් හා දේශිය ණය සංවර්ධන අරමුදලින් ණය හා මීට අමතරව රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන ආධාර යටතේ සිදු වේ.

මෙහිදි ඒ ඒ ප්‍රාදේශිය සභා විසින් යෝග්‍ය වන්නේ යැයි අදහස් කරනු ලබන පරිදි තම බලතල විෂය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරිමට හැකියාව තිබේ. එසේ වුවත් මෙම ප්‍රාදේශිය සභා ස්වාභිමානය දෙයාකාරයකින් සීමා වි තිබේ.

යම් සේවාවක් තමන් කැමති ආකාරයට ප්‍රවර්ධනය කිරිමට අවශ්‍ය සාමාන්‍ය බලතල ප්‍රාදේශිය සභා සතු නොවේ. ප්‍රාදේශිය සභාවට හිමිව තිබෙන්නේ නියමිත වුත් සිමිත වුත් ව්‍යවස්ථාපිත බලතල පමණි. තවද ඒවා මධ්‍යම හෝ දෙවැනි පෙළ ආණ්ඬු විසින් පාලනය කරනු ලැබේ. එසේ වුවත් රැකියා ප්‍රවර්ධන,ආදායම් ඉපැයිම හා ප්‍රාග්ධන ආයෝජනය යන කරැණු සලකා බලන විට ප්‍රාදේශිය සභාවලට වැඩි බලතල ප්‍රමාණයක් පවරා දී තිබෙන බව පෙනෙයි.

ප්‍රාදේශිය සභා ස්ථාපිත කිරිමට ප්‍රථම ප්‍රාදේශිය සංවර්ධනය අරමුණු කොටගෙන විවිධ යාන්ත්‍රණ පැවතිනි. මෙහිදි රාජ්‍ය පාලන සමය තුළ ප්‍රාදේශිය සංවර්ධනය සඳහා ගම්සභා ක්‍රමය ක්‍රියාත්මක වු බවට මහාවංශය,සෙල්ලිපි, ලෙන් ලිපි, ටැම් ලිපි, රොබට් නොක්ස් වාර්තා සාක්ෂි සපයයි. පසුව යටත් විජිත අවධිය තුළ ඩොනමෝර් සහ සොල්බරි යෝජනා තුළ ප්‍රාදේශිය සංවර්ධනය අරමුණු කොටගෙන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක විය. අනතුරුව නිදහසින් පසු (1948 න් පසු) මෙරට ග්‍රාමීය හා නාගරික අංශ අතර පවතින දැඩි ආර්ථික අසමතුලිතතාවය තුරන් කිරීම සහ ග්‍රාමීය ප්‍රාදේශිය ඌණ සංවර්ධනයේ අසමානතාව අවම කිරීම සඳහා විවිධ සංවර්ධන ප්‍රතිපත්ති පදනම් කොටගත් උත්සාහයන් දරනු ලැබිය. නමුත් රජය විසින් සංවර්ධනය සඳහා මෙසේ සැලසුම් සකස් කළද සැලසුම් සම්පාදන ක්‍රියාවලිය හා ආර්ථික තිරණ ගැනිම අතර සබඳතාවයන් නොමැතිකම තුළ මෙම සංවර්ධන සැලසුම් අසාර්ථක විය.

අනතුරුව පසුගාමී සංවර්ධනය සහ සංවර්ධන ප්‍රතිථල අසමාන ලෙස බෙදීයාම සිදුවන්නේ මධ්‍යගත පාලන සංවර්ධන තුළින් හා මෙම මධ්‍යගත ආර්ථික සැලසුම්කරණය හා රාජ්‍ය මැදිහත් වීම ජාතික සංවර්ධන දෘෂ්ටියකින් සිදුවන අතර එය ක්‍රියාත්මක වීමේදී නාගරිකත්වයට පක්ෂපාතිබවක් දක්වන බව පැහැදිලිවු බැවින් ග්‍රාමීය මට්ටමේ සහභාගිත්වය ලබා ගැනීමේ හා සාර්ව ආර්ථික අසමතුලිතතාවයන් නැති කිරීම සඳහා විමධ්‍යගතකරණ ලද සංවර්ධන වැඩසටහන් 1970 දශකයේදී රජය විසින් හදුන්වා දෙන ලදී. එවැනි වැඩසටහන් අතර ප්‍රාදේශිය සංවර්ධන මණ්ඩල, දිසා දේශපාලන අධිකාරී ක්‍රමය සහ විමධ්‍යගත අය වැය වැඩසටහන, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන, දිස්ත්‍රික් අමාත්‍ය ක්‍රමය දිස්ත්‍රික් සංවර්ධන සභා වැඩසටහන් යනාදිය ප්‍රමුඛතාවක් ගනු ලැබේ. නමුත් මෙහිදී 1987 දී අංක 15 දරන ප්‍රාදේශිය පරිපාලන හා සංවර්ධන සම්බන්ධයෙන් ගත් වඩා ප්‍රමුඛතම වැඩසටහන ලෙස පෙන්වා දිය හැකිය. මෙහිදි ආණ්ඩුවේ බලතල වලින් සෑහෙන ප්‍රමාණයක් මධ්‍යයේ සිට පරිධිය දක්වා විතැන් වීමක් සිදුවිය.