වැඩසටහන් අංක 01 - පොදු පරිපාලනය

මෙම වැඩසටහනේ ප්‍රතිපත්ති හා පරමාර්ථයන් ක්‍රියාත්මක කිරීම සඳහා පහත කාර්යයන් වැඩසටහන් අංක 01 මගින් ඉටු කරනු ලැබේ.
1. පොදු පරිපාලනය
2. මූල්‍ය කටයුතු
3. නිලධාරීන් පුහුණු කිරීම

1. පොදු පරිපාලනය :-
මෙම වැඩසටහන අනුව ප්‍රාදේශීය සභා පනතින් පවරා හා ඇති බලතල හා වගකීම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සිදුකෙරේ. ඒ අනුව,

  • සභාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යෑම සඳහාත් සභාවට හා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය උපදෙස් තොරතුරු සේවා සැපයීම.
  • සභාවේ ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පාලන යාන්ත්‍රණයක් ඇති කිරීම. ඒ තුළින් මනා සේවක මණ්ඩල පාලනයක් ක්‍රියාත්මක කිරීම.
  • සභාවේ ප්‍රධාන කාර්යාලය හා උප කාර්යාල යන සියළුම අංශවල කටයුතු ඒකාබද්ධ කරන පොදු අංශය වශයෙන් ක්‍රියාත්මක වීම.
  • සභාව සතු සියළුම ලිපිගොනු හා ලේඛන නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම සඳහා ලේඛනාගාරයක් පවත්වාගෙන යාම.
  • සභාව සතු සියළුම දේපල ආරක්ෂා කිරීම හා ඒවා පාලනය කිරීම.
  • සභාවේ සියළුම පරිපාලනය හා විධායක කාර්යයන් ක්‍රියාත්මක කිරීම.
  • පොදු අරමුදල් සතු මුදල් විධිමත්ව පවත්වාගෙන යාම, නිසි පාලනය සඳහා සියළුම අංශ මෙහෙයවීම ආදිය වේ.

2. මුල්‍ය කටයුතු :-
ප්‍රාදේශීය සභාවේ සියළු මූල්‍ය කටයුතු පාලනය කිරීම, විධිමත් කිරිම තුළින් සභාවේ ප්‍රතිපත්ති හා පරමාර්ථ ඉටුකිරීමෙහිලා සහය වීම සඳහා පහත දැක්වෙන ප්‍රධාන කාර්යයන් ඉටුකෙරෙනු ඇත.

  • ප්‍රාදේශීය සභා පනත යටතේ පිහිටුවා ඇති සමුචිචිත අරමුදලේ සියළු පාලන කටයුතු කිරීම.
  • වාර්ෂික අයවැය ලේඛනය පිළියෙල කිරීම, ක්‍රියාත්මක කිරීම හා අයවැය පාලනය විමර්ශනය ආදියට අදාළ සියළු කටයුතු.
  • අයවැය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා කාලීන මූල්‍ය සැලසුම් පිළියෙල කිරීම හා එතුළින් මූල්‍ය පාලනය විධිමත් කිරීම.
  • සභාවේ සියළු කටයුතු ක්‍රමානුකූලව ගිණුම්ගත කිරීම, මාසික හා වාර්ෂික ගිණූම් පිළියෙල කිරීම.
  • ප්‍රධාන ගබඩාව මධ්‍යගතව විධිමත්ව පවත්වාගෙන යාම, මිළදී ගැනීම, නිකුත් කිරීම හා තොග මට්ටම කාර්යක්ෂමව, සකසුරුවම්ව පවත්වාගෙන යාම.
  • ආදායම් එකතු කිරීම කඩිනම් කිරීම හා ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
  • සභාවේ පොදු අරමුදලට බැරවන,හරවන සියළු මුදල් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම ඇතුළු ආයතනයේ සියළු කටයුතු පිළිබඳ පරීක්ෂාවන් ඇති කිරීම, අවශ්‍ය සියළු තොරතුරු කළමනාකරණයට වාර්තා කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම තුළින් චංචා හා අක්‍රමිකතා,දූෂණ සිදුවීම වැළැක්වීම හා හෙළිදරව් කිරීම.
  • වැයකිරීම් වලදී විධිමත්ව පරීක්ෂා කිරීම.
  • සභාවේ පරමාර්ථයන් හා අරමුණු ඉටුකරගැනීම සඳහා සභාව සතු සියළු සම්පත් නිසිපරිදි පරිහරණයට අවශ්‍ය අභ්‍යන්තර පාලන ක්‍රම ඇති කිරීම හා සභාව දැනුවත් කිරීම.
  • ආයතනයේ වත්කම් ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වැඩිදියුණු කිරීම.

3. නිලධාරීන් පුහුණු කිරීම
මෙම වැඩසටහන යටතේ ප්‍රාදේශීය සභාවේ සියළු කටයුතු විධිමත්ව හා කාර්‍යක්ෂමව ඉටු කිරීම සදහා සභාවේ කාර්ය මණ්ඩලය මෙන්ම මහජන නියෝජිතයන් ලෙස මන්ත්‍රී මණ්ඩලය සදහා ද පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

වැඩසටහන් අංක 02 - සේවා හා බදු

මෙම වැඩසටහනේ ප්‍රතිපත්ති හා පරමාර්ථයන් ක්‍රියාත්මක කිරීම සඳහා පහත කාර්යයන් වැඩසටහන් අංක 02 මගින් ඉටු කරනු ලැබේ.

1. සාමාන්‍ය පරිපාලනය
2. තක්සේරු කිරීම් හා ආදායම් එකතු කිරීම
3. සේවා සැපයීම

1. සාමාන්‍ය පරිපාලනය
මෙම වැඩසටහන අනුව සභාවේ පොදු පරිපාලනයෙන් පවරා හා ඇති බලතල හා වගකීම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සිදුකෙරේ. ඒ අනුව,

  • සභාවේ ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා පාලන යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම. ඒ තුළින් මනා සේවක මණ්ඩල පාලනයක් ක්‍රියාත්මක කිරීම.
  • සභාවේ උප කාර්යාල කටයුතු පරිපාලනය කිරීම.
  • සභාව සතු දේපල ආරක්ෂා කිරීම.

2. තක්සේරු කිරීම හා අදායම් එකතු කිරීම
මෙම ව්‍යාපෘතියට ප්‍රාදේශීය සභා පනතින් පැවරී ඇති බලතල හා වගකීම් අනුව සියළු වරිපනම් බදු කුලී බලපත්‍ර හා වෙනත් ආදායම් ඇතුළු සියළුම ආදායම් එකතු කිරීම හා තක්සේරු කිරීම ද මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ.

  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි නිශ්චල දේපල තක්සේරු කිරීම, යාවත්කාලීනව වරිපනම් බදු එකතු කිරීම හා අදාළ ලිපිගොනු, ලේඛන වාර්තා පවත්වාගෙන යාම මෙම වැඩසටහන යටතේ තවත් කාර්යයක් වේ.
  • බදු කුළී බලපත්‍ර ගාස්තු හා වෙනත් සියළු ආදායම් යාවත්කාලීනව එකතු කිරීම අදාල ලිපි-ලේඛන පවත්වාගෙන යාම.
  • කලමනාකරණයට අවශ්‍ය තොරතුරු වාර්තා සැපයීම.
  • අනවසර වෙළඳ ස්ථාන පිළිබඳ වාර්තා කිරීම හා වරෙන්තු කරන ලද ආදායම් එකතු කිරීම ආදිය කඩිනම් කිරීම.

3. සේවා සැපයීම
මෙම වැඩසටහන යටතේ ප්‍රාදේශීය සභාවෙන් යම් කිසි සේවාවක් ලබා ගැනීමට පැමිණෙන මහජනයා වෙත කඩිනම් සේවාවක් සැපයීම, අවශ්‍යතාවය පරිදි අදාල අංශ කරා යොමු කිරීම.

වැඩසටහන් අංක 03 - සෞඛ්‍ය සේවා

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සෞඛ්‍ය සේවා විධිමත් කිරීම සඳහා ඉංගිරිය සහ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා සම්බන්ධීකරණයෙන් මහජන අභිවෘද්ධිය ඇති කරනු පිණිස මනා පාලනයක් ඇති කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන කාර්යය වේ.
මෙම කාර්යය පහසුවෙන් ඉටු කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයකට බෙදා වෙන් කරනු ලැබේ.

  • සාමාන්‍ය පරිපාලනය
  • රෝග මර්ධනය හා සුව කිරීම
  • ආහාර පිළිබඳ සෞඛ්‍ය ආරක්ෂාව
  • මාතෘධාරකාභිවෘද්ධි සේවය
  • ආදාහනාගාර ඇතුළුව සුසාන භූමි නඩත්තුව හා සංරක්ෂණය

1. සාමාන්‍ය පරිපාලනය :-
මෙම වැඩසටහන යටතේ සභාවේ සෞඛ්‍ය අංශයේ රාජකාරී විධිමත් කිරීම හා කළමනාකරණය කිරීමද ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහළ මට්ටමකට ගෙන ඒම පිණිස ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමඟ ඒකාබද්ධව අවශ්‍ය කටයුතු සිදු කරගෙන යෑම.

2. රෝග මර්ධනය හා සුව කිරීම :-
ප්‍රදේශවාසීන්ට නිතර වැළදිය හැකි බෝවන රෝග මර්ධනය සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙම වැඩසටහන යටතේ සිදු කිරීම. එමගින්, ජලභීතිකාව රෝග මර්ධනය සඳහා දඩාවතේ යන සුනඛයින් විනාශ කිරීම හා එන්නත් කිරීමද, බරවා,මී උණ,ඩෙංගු ආදී රෝග වැළැක්වීමට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට අවශ්‍ය අත් පත්‍රිකා, ද්‍රව්‍ය, උපකරණ හා මිනිස් ශ්‍රමය ලබා දීම, තවද, ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වා ගෙන යාම හා ජංගම ආයුර්වේද සේවා පැවැත්වීම වෙනුවෙන් ජනතාවට අවශ්‍ය සුවකම් ඉටුකරනු ලැබේ.

3. ආහාර පිළිබඳ සෞඛ්‍ය ආරක්ෂාව :-
මේ යටතේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් මගින් මහජන පරිභෝජනයට අහිතකර ආහාර ද්‍රව්‍ය වෙළඳ පොළේ අලෙවිය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

4. ආදාහනාගාරය ඇතුළුව සුසාන භූමි නඩත්තුව හා සංරක්ෂණය :-
මෙම වැඩසටහන යටතේ, බල ප්‍රදේශයේ සහ බල ප්‍රදේශයේ නොවන සියළු මහජනතාවට මහඟු සේවයක් ලබා දීමට ඇති ඉංගිරිය ආදාහනාගාරයන්හි නඩත්තු කටයුතු සහ සුසාන භූමි නඩත්තු කටයුතු ඇතුලත් කර ඇත.

වැඩසටහන් අංක 04 - භෞතික සැලසුම්

මෙම වැඩසටහන යටතේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ භෞතික සැලසුම්, මංමාවත්, ඉඩම් හා ගොඩනැඟිලි යන අංශයන්හි සංවර්ධය මඟින් මහජනයාට අර්ථවත්ව හා ක්‍රමානුකූලව සේවාවක් ලබාදීම සඳහා පහත සඳහන් පරිදි වැඩසටහන් බෙදා වෙන් කර, රාජකාරී කරගෙන යනු ලැබේ.

  • පොදු පරිපාලනය
  • නගර නිර්මාණය සඳහා අවශ්‍ය කටයුතු කිරීම
  • මං මාවත්, පාලම්, බෝක්කු සංවර්ධනය කිරීම
  • ඉඩම් හා ගොඩනැගිලි ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම

1. පොදු පරිපාලනය –
මෙම වැඩසටහන මඟින් කලයුතු සංවර්ධන කටයුතු සැලසුම් සහගතව ඉටු කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, උපකරණ, මුදල්, තාක්ෂණය සහ මානව සම්පත නිසිපරිදි යොදා ගැනීම.

2. නගර නිර්මාණය සඳහා අවශ්‍ය කටයුතු කිරීම –
නාගරික සංවර්ධන අධිකාරිය හා සහසම්බන්ධීකරණයෙන් නගරයේ අලංකාරය රැකෙන අයුරින්, සැලසුම් සහගතව ඉදිකෙරෙන ගොඩනැඟිලි පිළිබඳව සොයා බලා කටයුතු කිරීම මෙමගින් සිදු කරනු ලැබේ.

3. මං මාවත්,පාලම්,බෝක්කු සංවර්ධනය කිරීම –
මේ මඟින් ප්‍රාදේශීය සභා සීමාව තුළ වෙසෙන ජනතාවගේ පහසුව හා මහජන සුඛවිහරණය සඳහා මං මාවත් අළුතින් ඉදිකිරීම, සංවර්ධනය කිරීම, ප්‍රතිසංස්කරණය හා නඩත්තු කිරීම කරගෙන යනු ලැබේ. එසේ ප්‍රතිසංස්කරණය හා නඩත්තු කිරීමේ අවශ්‍යතාවයට සරිලන පරිදි ඉඩම් අත්පත් කර ගැනීම් ද කරනු ලැබේ. තවද මංමාවත් හරහා වැටෙන පාලම් හා බෝක්කු ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය හා නඩත්තු කිරීමද කරගෙන යනු ලැබේ.

4. ඉඩම් හා ගොඩනැඟිලි ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම –
සභාව සතු ඉඩම් හා ගොඩනැගිලි මහජනතාවගේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා උපයෝගී කර ගත හැකි වන පරිදි සියළු පහසුකම් සහිතව පවත්වාගෙන ගෙන යාම, නඩත්තු කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියළුම කටයුතු මෙම වැඩසටහන යටතේ කරනු ලැබේ.

වැඩසටහන් අංක 06 - මහජන උපයෝගිතා සේවා

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පොදු උපයෝගී සේවාවන් ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වේ. ඒ සඳහා පහත සඳහන් අංශයන් යටතේ කාර්යන් සිදු කරනු ලැබේ.

  • සාමාන්‍ය පරිපාලනය
  • පොදු වෙළඳ පොළ/සති පොළ හා වෙළඳ සංකීර්ණය
  • වීථි ආලෝක කිරීම
  • පානීය හා නාන ළිං සංවර්ධනය
  • සාමාන්‍ය පරිපාලනය :-

මෙම වැඩසටහන මගින් කලයුතු සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සම්පත් උපයෝගී කරගෙන සැලසුම් සහගතව සිදු කිරීම මෙමගින් සිදු කෙරේ.

පොදු වෙළඳ පොළ/ සති පොළ හා වෙළඳ සංකීර්ණය :-
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තුළ වෙසෙන ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමෙහි ලා සහයවීම වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය හා සේවාවන් ලබාගැනීම සඳහා ඇති වෙළඳ සංකීර්ණය, පොදු වෙළඳපොළ නඩත්තු කිරීම, විදුලි ආලෝකය සැපයීම, අපද්‍රව්‍ය කලට වේලාවට ඉවත් කිරීම, වැසිකිළි පහසුකම් සැපයීම යනාදී කාර්යයන්ද ඉංගිරිය සති පොළ පවත්වාගෙන යාම හා ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමද මෙම අංශයට ඇතුළත් වේ.

වීථි ආලෝක කිරීම :-
සභා බල ප්‍රදේශයම ආවරණය වන පරිදි බල ප්‍රදේශයේ වෙසෙන ජනතාවට රාත්‍රී කාලයේදී ගමනාගමනයට පහසු වන පරිදි සෑම පාරකටම අවශ්‍ය පරිදි දීප්තිමත් වීථි පහන් සවි කිරීම හා වීථි පහන් කාලීනව නඩත්තු කිරීමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම මෙම අංශයේ අරමුණය.

පානීය හා නාන ළිං සංවර්ධනය :-
මෙම වැඩසටහන යටතේ ප්‍රාදේශීය සභා සීමාව තුළ ඇති පානීය හා නාන ළිං මහජනතාවගේ පහසු පරිහරණය සදහා යෝග්‍ය වන පරිදි ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම හා නඩත්තුව සිදු කරනු ලැබේ.

වැඩසටහන් අංක 07 - සුභ සාධක සේවා

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව මඟින් කළ හැකි සේවාවන් මෙම වැඩසටහන යටතේ ඉටුකරන අතර, එම සේවාවන් පහසුකර ගැනීමේ අරමුණින් කොටස් කීපයකට බෙදා වෙන් කර ඇත.

  • සාමාන්‍ය පරිපාලනය
  • පුස්තකාල සේවා
  • පෙර පාසල් සේවා
  • ප්‍රජ සංවර්ධනය හා ක්‍රීඩා

1. සාමාන්‍ය පරිපාලනය :-
මෙම වැඩසටහන මඟින් පුස්තකාල, පෙර පාසල් සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සම්පත් උපයෝගී කරගෙන සැලසුම් සහගතව විධිමත්ව සිදු කෙරේ.

2. පුස්තකාල සේවා :-
මේ යටතට මහජනතාවගේ දැනුම අවබෝධය, සහයෝගය ආදී ගුණාංග වැඩිදියුණු කිරීම සඳහාත් කියවීමේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහාත් සරිලන පුස්තකාල සේවාවන් සපයනු ලැබේ. විශාල බල ප්‍රදේශයක් පුරාවට විසිරී පවතින සභා බල ප්‍රදේශයේ මහජන සේවාව ඉටු කිරීමේ පහසුකම් අනුව පුස්තකාල 05 ක් පවත්වා ගෙන යයි. පාසල් සිසුන් ඇතුළු සමස්ත බල ප්‍රදේශයේ පාඨකයන් උදෙසා ඔවුන්ගේ අවශ්‍යතාවට සරිලන පොත්පත් සභාව මඟින් මිලදී ගැනීමත් දෛනික පුවත්පත්, මාසික, අර්ධ මාසික සඟරා ලබා දීමත් මගින් කියවීමේ රුචිකත්වයක් දක්වන පාඨකයින්ට එම පහසුකම් සැපයේ.

3. පෙර පාසල් සේවා :-
දැනුමින් පිරි නවපරපුරක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව කරගෙන එහි පළමු පියවර ලෙස පෙර පාසල් අධ්‍යාපනය සඳහා අත්වැල් සැපයීම වෙනුවෙන් සිරි වාචිස්සර පෙර පාසල සඳහා අවශ්‍ය උපකරණ සැපයීම හා අළුත්වැඩියාව සිදු කරන අතර පෙර පාසල් දරුවන්ට දිවා ආහාර ලබා දීම වෙනුවෙන් පහසුකම් සැපයේ. නව පෙර පාසලක් ස්ථාපිත කිරීම සඳහා ද ප්‍රතිපාදන වෙන් කර ඇත.

4. ප්‍රජා සංවර්ධනය හා ක්‍රීඩා :-
මෙම වැඩසටහනෙහි ක්‍රීඩා යටතට ක්‍රීඩා භූමි සංවර්ධනය, පහසුකම් සැලසීම තුලින් ක්‍රීඩා අංශය දියුණු කිරීමටත් ශක්ති වර්ධන මධ්‍යස්ථනය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමත් සිදු කෙරේ. තවද, අඩු ආදායම් ලාභීන් සදහා සහනාධාර ලබා දීම,රැකියා ප්‍රවර්ධන වැඩසටහන් හා ස්වයං රැකියා අත්වැල් සැපයීම, ගෙවතුවගා වැඩසටහන් සෑම කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි පැවැත්වීම, මත්ද්‍රව්‍ය නිවාරණය, දක්ෂතා ඇති දරුවන් ඇඟයීම, කාන්තාවන් සවි බල ගැන්වීම, අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම, සහනදායී මිලට කොම්පෝස්ට් බඳුන් ලබා දීම, ආදී ප්‍රජා සංවර්ධන හා සුභසාධන වැඩසටහන් රාශියක් පැවැත්වීමට පහසුකම් සැපයේ.

වැඩසටහන් අංක 08 - කුණු කසල මෙහෙයවීම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නිකසල පුරවරයක් කිරීම පිණිස මනා පාලනයක් ඇති කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන කාර්යය වේ.

  • සාමාන්‍ය පරිපාලනය
  • කැලි කසල ඉවත් කිරීම

1. සාමාන්‍ය පරිපාලනය :-
මෙම වැඩසටහන යටතේ සභාවේ සෞඛ්‍ය අංශයේ රාජකාරී විධිමත් කිරීම හා කළමනාකරණය කිරීමද, සභා බල ප්‍රදේශය පිරිසිදුව පවත්වාගෙන යාම හා කසල කළමනාකරණයට අදාල කටයුතු සිදු කරගෙන යෑම.

2. කැලි කසල ඉවත් කිරීම :-
මෙම වැඩසටහන යටතේ ප්‍රදේශයේ වරිපනම් සීමාව තුළ සහ ඉන් පිටත ප්‍රදේශයන්හි ද දෛනිකව එකතු වන කැලි කසල ඉවත් කිරීම සහ එම කැලි කසල උපයෝගී කොටගෙන කොම්පෝස්ට් පොහොර නිපදවීම හා එම පොහොර මහජනතාව වෙත අලෙවිය සිදුකිරීමෙන් මහජනතාව රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව කාබනික පොහොර භාවිතයට යොමු කිරීම. නොදිරන කසල නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යොමු කිරීම.