හැඳින්වීම

  • ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතර ඇතැම් ජන කොට්ඨාස කිහිපයක් මියගිය තැනැත්තන්ගේ මෘතදේහ ආදාහනය කිරීමට පෙලඹී ඇත. ජනතාවගේ මෙම සිරිත සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කළ යුතු ව ඇත.
  • පොදු උපයෝගී සේවාවක් ලෙස මෘතදේහ භූමදානය කිරීම සහ ආදාහනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ කාර්යය පළාත් පාලන ආයතන වෙත පැවරී ඇත.
  • මෘත දේහ භූමදාන කිරීමේ දී ඉදි කරනු ලබන ස්මාරක හේතුවෙන් පළාත් පාලන ආයතන සතු සුසාන භූමි ඉඩම්වල ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීම සහ සම්ප්‍රදායික ක්‍රමයට දර යොදා ගනිමින් මෘතදේහ ආදාහනය කිරීමේ දී දැරීමට සිදු වන පිරිවැය ද සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතන බොහොමයක් විසින් ආදාහනාගාර ඇති කර ඇත.

නෛතික අධිකාරිය

  • 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 127 වන වගන්තිය සමඟ කියවිය යුතු, 231 වන අධිකාරය වූ සුසාන භූමි හා භූමදාන ආඥාපනත.
  • පළාත් පාලන ආයතනය විසින් අංක 1998 දරණ 2016.12.16 දිනැති ගැසට් පත්‍රය මඟින් වැලඳ ගෙන ඇති ආදාහනාගාර පිළිබඳ සම්මත අතුරු ව්‍යවස්ථාව.
  • මෘත දේහයක් ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන විට, අපරාධ නඩු විධාන සංග්‍රහය.

සුදුසුකම්

  • හදිසි අනතුරක් හේතුවෙන් හෝ වෙනත් කිසියම් හේතුවක් මත මියගිය තැනැත්තකුගේ මෘත දේහයක් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ මරණ පරීක්ෂණයක දී, අදාළ මෘත දේහය ආදාහනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර නැති හෝ ස්වාභාවික මරණයට පත් වූ තැනැත්තකුගේ මෘත දේහයක් විය යුතු ය.

ආදාහනාගාරය වෙන් කරවා ගැනීම

null

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • ඉල්ලුම්පත්‍රය
  • මරණ සහතිකය හා ඡායා පිටපතක්
  • මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්

null

ගාස්තුව

  • ඉල්ලුම්පත්‍රය නොමිලයේ
  • බල ප්‍රදේශය තුළ රු. 10,000.00
  • බල ප්‍රදේශයෙන් පිටත රු. 12,000.00

null

හමුවිය යුතු නිලධාරියා

විෂය භාර නිලධාරී
null

සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය

034-5624846
null

ඔන්ලයින් අයදුම්පත්‍රය

ඉංගිරිය ආදාහනාගාරයේ අයදුම්පතබාගත කරගන්න »