මෙම වැඩසටහනේ ප්‍රතිපත්ති හා පරමාර්ථයන් ක්‍රියාත්මක කිරීම සඳහා පහත කාර්යයන් වැඩසටහන් අංක 01 මගින් ඉටු කරනු ලැබේ.
1. පොදු පරිපාලනය
2. මූල්‍ය කටයුතු
3. නිලධාරීන් පුහුණු කිරීම
1. පොදු පරිපාලනය :-
මෙම වැඩසටහන අනුව ප්‍රාදේශීය සභා පනතින් පවරා හා ඇති බලතල හා වගකීම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සිදුකෙරේ. ඒ අනුව,
- සභාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යෑම සඳහාත් සභාවට හා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය උපදෙස් තොරතුරු සේවා සැපයීම.
- සභාවේ ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පාලන යාන්ත්‍රණයක් ඇති කිරීම. ඒ තුළින් මනා සේවක මණ්ඩල පාලනයක් ක්‍රියාත්මක කිරීම.
- සභාවේ ප්‍රධාන කාර්යාලය හා උප කාර්යාල යන සියළුම අංශවල කටයුතු ඒකාබද්ධ කරන පොදු අංශය වශයෙන් ක්‍රියාත්මක වීම.
- සභාව සතු සියළුම ලිපිගොනු හා ලේඛන නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම සඳහා ලේඛනාගාරයක් පවත්වාගෙන යාම.
- සභාව සතු සියළුම දේපල ආරක්ෂා කිරීම හා ඒවා පාලනය කිරීම.
- සභාවේ සියළුම පරිපාලනය හා විධායක කාර්යයන් ක්‍රියාත්මක කිරීම.
- පොදු අරමුදල් සතු මුදල් විධිමත්ව පවත්වාගෙන යාම, නිසි පාලනය සඳහා සියළුම අංශ මෙහෙයවීම ආදිය වේ.
2. මුල්‍ය කටයුතු :-
ප්‍රාදේශීය සභාවේ සියළු මූල්‍ය කටයුතු පාලනය කිරීම, විධිමත් කිරිම තුළින් සභාවේ ප්‍රතිපත්ති හා පරමාර්ථ ඉටුකිරීමෙහිලා සහය වීම සඳහා පහත දැක්වෙන ප්‍රධාන කාර්යයන් ඉටුකෙරෙනු ඇත.
- ප්‍රාදේශීය සභා පනත යටතේ පිහිටුවා ඇති සමුචිචිත අරමුදලේ සියළු පාලන කටයුතු කිරීම.
- වාර්ෂික අයවැය ලේඛනය පිළියෙල කිරීම, ක්‍රියාත්මක කිරීම හා අයවැය පාලනය විමර්ශනය ආදියට අදාළ සියළු කටයුතු.
- අයවැය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා කාලීන මූල්‍ය සැලසුම් පිළියෙල කිරීම හා එතුළින් මූල්‍ය පාලනය විධිමත් කිරීම.
- සභාවේ සියළු කටයුතු ක්‍රමානුකූලව ගිණුම්ගත කිරීම, මාසික හා වාර්ෂික ගිණූම් පිළියෙල කිරීම.
- ප්‍රධාන ගබඩාව මධ්‍යගතව විධිමත්ව පවත්වාගෙන යාම, මිළදී ගැනීම, නිකුත් කිරීම හා තොග මට්ටම කාර්යක්ෂමව, සකසුරුවම්ව පවත්වාගෙන යාම.
- ආදායම් එකතු කිරීම කඩිනම් කිරීම හා ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
- සභාවේ පොදු අරමුදලට බැරවන,හරවන සියළු මුදල් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම ඇතුළු ආයතනයේ සියළු කටයුතු පිළිබඳ පරීක්ෂාවන් ඇති කිරීම, අවශ්‍ය සියළු තොරතුරු කළමනාකරණයට වාර්තා කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම තුළින් චංචා හා අක්‍රමිකතා,දූෂණ සිදුවීම වැළැක්වීම හා හෙළිදරව් කිරීම.
- වැයකිරීම් වලදී විධිමත්ව පරීක්ෂා කිරීම.
- සභාවේ පරමාර්ථයන් හා අරමුණු ඉටුකරගැනීම සඳහා සභාව සතු සියළු සම්පත් නිසිපරිදි පරිහරණයට අවශ්‍ය අභ්‍යන්තර පාලන ක්‍රම ඇති කිරීම හා සභාව දැනුවත් කිරීම.
- ආයතනයේ වත්කම් ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වැඩිදියුණු කිරීම.
3. නිලධාරීන් පුහුණු කිරීම
මෙම වැඩසටහන යටතේ ප්‍රාදේශීය සභාවේ සියළු කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව ඉටු කිරීම සදහා සභාවේ කාර්ය මණ්ඩලය මෙන්ම මහජන නියෝජිතයන් ලෙස මන්ත්‍රී මණ්ඩලය සදහා ද පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.