වසංගත රෝග මැඩලීමේ අරමුණ පෙරදැරිව ව්‍යාපෘති පදනමින් ඩෙංගු මර්දන සහයකයින් බඳවා ගෙන ඇති අතර ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරනු ලබයි
හොරණ ප්‍රාදේශීය සභා බල සීමාව හොරණ හා ඉංගිරිය මහජන සෞඛ්‍ය කලාප දෙකකින් සමන්විත වේ.
ඩෙංගු රෝගී තත්ත්වයන් වැඩිවීම හේතුවෙන් විකල්පයක් ලෙස ව්‍යාපෘති පදනම මත බඳවා ඩෙංගු මර්දන සහායක කණ්ඩායමක් බඳවා ගන්නා ලද අතර මේ වන විට සේවකයින් 10 දෙනෙකුගෙන් සේවයේ නියුතුව ඇත.
ඩෙංගු මර්දන සහායක කණ්ඩායම විසින් ඉටු කරනු ලබන කාර්යයන්,

  • මහජන සෞඛ්‍ය කාර්යාල හා එක්ව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම.
  • නිවාස පරිශ්‍ර පරික්ෂාව
  • කර්මාන්ත, වැඩබිම්, පෞද්ගලික ආයතන, වෙළඳසැල්, හිස් ඉඩම් යනාදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳව පරික්ෂා කර අදාළ මහජන සෞඛ්‍ය කාර්යාල දැනුවත් කිරීම.
  • ධූමායන වැඩසටහන් සිදු කිරීම.
  • නඩු පැවරීම් කටයුතු සඳහා අදාළ වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කිරීම.