அறிமுகம்

  • බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රරෝහණය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ කාර්ය සඳහා වූ පොදු පරිපාලන අධිකාරය පළාත් පාලන ආයතනය වේ. බල ප්‍රදේශයේ වැසිකිළිවල පවතින මල අපද්‍රව්‍ය ඉවත් කිරීම ද මේ කාර්යයේ එක් අංගයක් වන අතර එය ජනතාවගේ පහසුව සැලසීමට ද අදාළ කාර්යයකි.

නෛතික අධිකාරිය

  • 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 96 වන වගන්තිය සමග කියවිය යුතු 129 වන වගන්තිය.
  • 255 වන අධිකාරය වන නගර සභා ආඥාපනතේ 103 වන වගන්තිය සමග කියවිය යුතු 118 වන වගන්තිය.
  • 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 78 වන වගන්තිය සමග කියවිය යුතු 93 වන වගන්තිය.

සුදුසුකම්

  • වැසිකිළි වලක් හිස් කර ගැනීමට අවශ්‍යතාව ඇති කවර හෝ තැනැත්තකු මෙම සේවාව ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇත. සේවා අවශ්‍යතාව ඇති තැනැත්තා බල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවකු වන විට සාමාන්‍ය ගාස්තුවට අතිරේක ගාස්තුවක් ගෙවිය යුතු ය.

මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව ලබා දීම

null

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • ඉල්ලුම්පත්‍රය

ගලි බවුසරයේ ධාරිතාවය 3800 l – 4000 l

null

ගාස්තුව

  • ඉල්ලුම්පත්‍රය නොමිලයේ
  • බල ප්‍රදේශය තුල,
    ගාස්තුව රු. 10,000.00
  • බල ප්‍රදේශයෙන් පිටත,
    ගාස්තුව රු. 10,000.00
  • පෝරුවදණ්ඩ උප කාර්යාලයේ සිට අදාල ස්ථානයට ඇති දුර සඳහා 1 km ට රු.300.00 බැගින් අය කරනු ලැබේ.
  • අදාල පරිශ්‍රය තුළම මල අපද්‍රව්‍ය බැහැර කරන්නේ නම් රු. 5,000.00
  • ලබාදෙන තොරතුරු වල දෝෂ හේතුවෙන් සේවාව ලබා දීමට නොහැකි වුවහොත්,
    – බල ප්‍රදේශය තුල නම් රු.1,000.00 ක් ද
    – බල ප්‍රදේශයෙන් පිටත නම් පෝරුවදණ්ඩ උප කාර්යාලයේ සිට 1 km ට රු.300.00 බැගින් වන පරිදි ද රඳවා ගනී.

null

හමුවිය යුතු නිලධාරියා

විෂය භාර නිලධාරී
null

සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය

034-2255664
null

ඔන්ලයින් අයදුම්පත්‍රය

මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව අයදුම්පතබාගත කරගන්න »