හොරණ ප්රාදේශීය සභාවේ ඉංගිරිය උප කාර්යාලයේ කාර්යමණ්ඩලය විසින් නිර්මාණය කර ඉංගිරිය පොසොන් කලාපයේ ඉංගිරිය රංග ශාලා පරිශ්රය තුල ප්රදර්ශනය කර තිබූ පොසොන් පහන් කූඩුව ඉංගිරිය පොසොන් කලාපයේ විවෘත පහන්කූඩු තරගාවලියේ ප්රථම ස්ථානය දිනාගැනීමට සමත්විය. මෙම ජයග්රහණයෙන් පසුව ඒ වෙනුවෙන් බෝධිපූජා, දේවපූජාමය පිංකමක්ද එම කාර්යමණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි.