විශාල පිරිසක් දිනපතා නෑමට පැමිණෙන අප බල ප්‍රදේශයේ පිහිටි ඉංගිරිය නම්බපාන පරෙයිතොට පරිශ්‍රය පිරිසිදු කිරීම අද සිදුකරන අයුරු......
වැසි ජලය බැසයන බෝක්කු අබලන්වීම හේතුවෙන් මාර්ගය වැසි ජලයට යටවීම වැලැක්වීම සදහා තලගල දෙහිගස්පිටිය පාසල් ප්‍රවේශ මාර්ගය හරහා හියුම් පයිප්ප යොදා මාර්ගය සකස් කර ක්‍රමවත්ව වැසි ජලය බැසයාමට සැලැස්වීම පොකුණුවිට උප කාර්යාලයේ සේවකයින් විසින් 2023.11.30 දින සිදුකිරීම.
ස්වයං රැකියාවක් ලෙස සබන් නිෂ්පාදනය කිරීම පුහුණු කිරීමේ වැඩසටහනක් හොරණ ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන අංශය විසින් ගොරොක්ගොඩ සාම සඳගිරි විහාරයේ ක්‍රියාත්මක කිරීම හා එම වැඩ සටහන පිළිබඳ පසු විපරම් කිරීමේදී එම පුහුණු වැඩසටහනට සහභාගි වූ කාන්තාවන් පසුව තම නිවෙස් වල සබන් නිෂ්පාදනය සිදුකරන අයුරු......
මිදෙල්ලමූලහේන, වව්ලුගල ජනපදයේ 79 කොටසේ මාර්ගය සෝදාපාලුවට ලක්ව ජනතාවට ගමන් කිරීමටවත් නොහැකි තත්වයට පත්ව තිබීම හේතුවෙන් ප්‍රදේශ වාසීන්ගේද සහාය ඇතිව ප්‍රාදේශීය සභාවේ පොකුණුවිට උප කාර්යාලයේ සේවකයින් විසින් මාර්ගය දෙපස කානු කපා ගමනාගමනයට පහසු වන ආකාරයට මාර්ගය සකස් කර දීම 2023.11.22 සිදුකර දෙන ලදී.
හොරණ ප්‍රාදේශීය සභාව සඳහා 2024 වර්ෂය සඳහා සැපයුම්කරුවන්/කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම.....
ඉල්ලුම්පත පහත Link එක හරහා බාගතකිරීමෙන් හෝ හොරණ ප්‍රාදේශීය සභාවේ කනන්විල උප කාර්යාලයෙන් ලබාගෙන නිසිපරිදි සම්පූර්ණ කර අදාල ලිපි ලේඛන හා ලියාපදිංචි ගාස්තු සමග 2023 නොවැම්බර් මස 24 දින පෙ.ව. 10:15ට පෙර අතින් හෝ ලියාපදිංචි තැපෑලෙන් "ලේකම්, හොරණ ප්‍රාදේශීය සභාව, කනන්විල, හොරණ" යන ලිපිනයට එවිය යුතුය. අයදුම්පත් එවනු ලබන කවරයේ වම්පස කෙලවරේ "2024 වර්ෂය සඳහා සැපයුම්කරුවන්/කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම" ලෙස දැක්විය යුතුය.
www.horana.ps.gov.lk/multimedia/notices/
ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම තුරන් කිරීම සඳහා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ඉංගිරිය පොලීසිය හා අප හොරණ ප්‍රාදේශීය සභාව එක්ව අද දින සංවිධානය කර තිබූ වැඩසටහනට සමගාමීව හොරණ ප්‍රාදේශීය සභාව විසින් ඉංගිරිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ නොදිරන කසල එක්රැස් කිරීමේ විෂේශ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබිණ.