සොඳුරු සිරින් ගම්දොර පිබිදෙයි
ගම්දොර පිබිදෙයි…..
ජන දිවියක අරුණ උදාවෙයි
හොරණ පහන් කළ
සොඳුරු පහන් ටැඹ
ප්රාදේශීය සභාවයි……
කුඹුකේ උඩුගහ දෙපියස
නව මං මඩුලු තැනී
කළ එලිවේ
රයිගම් පොලොවේ උරුමය සුරැකේ
ජන දිවියේ මල් පිබිදේ…..
නව ලොව අසිරිය වෙත යන
ගමනේ ළපලු මැදින්
ඇල් සුළඟේ
නියාමකව ඉඳ කියා දිදී මග
සභා තොමෝ ඔබ වොරැඳේ…..
සොඳුරු සිරින් ගම්දොර පිබිදෙයි
ගම්දොර පිබිදෙයි…..
ජන දිවියක අරුණ උදාවෙයි
හොරණ පහන් කළ
සොඳුරු පහන් ටැඹ
ප්රාදේශීය සභාවයි……
පද රචනය :- රත්න ශ්රී විජේසිංහ
සංගීතය :- සරත් ධර්මදාස