2023 හොරණ ප්‍රාදේශීය සභා සාහිත්‍ය මහෝත්සවය පැවැත්වේ

හොරණ ප්‍රාදේශීය සභාවේ 2023 සාහිත්‍ය මහෝත්සවය 2023 ඔක්තෝම්බර් මස 03 වන අඟහරුවාදා දින ඉංගිරිය නව රංගශාලාවේදී පවත්වනු ලැබුණි. සහතික පත් බෙදාදීම, ජන ගායනා සහ ප්‍රධාන ⁣සාහිත්‍ය දේශනය ලෙස ජාතික අධ්‍යාපන අයතනයේ හිටපු සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගුරු අධ්‍යාපන, සංගීත විශාරද ශාස්ත්‍රපති සුදත් සමරසිංහ මහතාගේ දේශනයද මෙහිදී සිදුකෙරිණි.

ආඬි හතයි කැඳ හැළියයි නාට්‍ය සාර්ථකව ප්‍රදර්ශනය කරයි

හොරණ ප්‍රාදේශීය සභාවේ සේවක සුබ සාධක සංගමයට ආධාර පිණිස ජනක් ප්‍රේමලාල් මහතාගේ ආඬි හතයි කැඳ හැලියයි නාට්‍ය ඉංගිරිය රංග ශාලාවේදී සාර්ථකව රඟදක්වනු ලැබුණි.

හොරණ ප්‍රාදේශීය සභා නිලධාරීන් ඉංගිරිය පොසොන් කලාපයේ භක්ති ගීත ගායනා කරයි

ඉංගිරිය පොසොන් කලාපයේ රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් පැවැත්වුණු භක්තිගීත ප්‍රසංගයේ හොරණ ප්‍රාදේශීය සභා භක්තිගීත කණ්ඩායම විසින් තම ඉදිරිපත්කිරීම සිදුකළ අයුරු.