ලංකා අශෝක් ලේලන්ඩ් වෙතින් රෝදපුටුවක්

ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය විසින් හොරණ ප්‍රාදේශීය සභාවේ කනන්විල ආයුර්වේද මධ්‍යස්ථානය වෙත පැමිණෙන රෝගීන්ගේ භාවිතය සඳහා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය . ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු සභාපති අසෝක රණතුංග මහතාගේ මැදිහත් වීම මත සභාව වෙත මෙම පරිත්‍යාගය ලබාදීම සිදුවිය.

හොරණ ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ විදුලි අවශ්‍යතාවයන් වෙනුවෙන් සූර්ය බලශක්තිය

බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන යටතේ හොරණ ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ විදුලි අවශ්‍යතාවයන් වෙනුවෙන් සූර්ය බලශක්තිය උපයෝගී කරගැනීම සඳහා 15kw ක සූර්ය බලශක්තිය ලබාගැනීමේ පැනල් හා උපකරණ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ වහලය මත සවිකිරීම සිදුකරනු ලැබුණි. ඒ අනුව මෙම උපකරණ සවිකිරීමෙන් අණතුරුව ප්‍රධාන කාර්යාලයේ විදුලි අවශ්‍යතාවයන් සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලිය ලබාගැනීම තවදුරටත් අවශ්‍යය නොවන…

ඩෙංගු මඩින්නට කනන්විල හා පොකුණුවිට පරිසර පොළ වැඩසටහන්

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පැතිර යාම වැලැක්වීම සඳහා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නොමැති පරිසරයක් ඇතිකිරීමේ අරමුණින් හොරණ ප්‍රාදේශීය සභාව සංවිධානය කළ පරිසර පොළ වැඩසටහන් දෙකක් පොකුණුවිට හා කනන්විල ප්‍රදේශ ආශ්‍රිතව 2023-05-13 දවස පුරා සාර්ථකව පවත්වන ලදී. එම ප්‍රදේශවාසීන් තව නිවෙස් හා ආයතන පරිශ්‍රවල ගොඩගසාගෙන තිබූ නොදිරන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසර පොළවල් වෙත…