හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හදිසි ආපදා තත්වයන් ලෙස හඳුනාගතහැකි වන්නේ ප්‍රධාන වශයෙන්ම ගංවතුර හා නායයාම් වේ. ඇතැම් කාල වලදී නියඟයද බලපානු ලබයි. මෙම තත්වයන් සඳහා මුහුණ දීමට සභාව විසින් ඔරු, පාරු, බෝට්ටු වැනි දෑ සූදානම් පිට තබාගෙන සිටියි. ජලය නොමැති කාලවලදී සභාවේ ජල බවුසරය යොදවා පානීය ජලයද ලබාදීම සිදුවේ.