Introduction

  • බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත යම් කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබන තැනැත්තකුගෙන් බද්දක් නියම කර අය කර ගැනීමට, 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතෙන් මහා නගර සභාවලට ද, 255 අධිකාරය වන නගර සභා ආඥාපනතෙන් නගර සභාවලට ද සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතෙන් ප්‍රාදේශීය සභාවලට ද බලතල පවරා දී ඇත. මේ යටතේ ඒ පළාත් පාලන ආයතන විසින් එහි බල ප්‍රදේශය ඇතුළත පවත්වා ගෙන යනු ලබන කර්මාන්ත මත බද්දක් නියම කර අය කර ගනු ලැබිය හැකි ය.
  • යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර විකිණීම හෝ යම් භාණ්ඩ හෝ ද්‍රව්‍ය මිලට ගෙන විකිණීමේ කාර්යය කර ගෙන යනු ලබන ස්ථානය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අතුරු ව්‍යවස්ථාවකින් නියම කර නොමැති අවස්ථාවක, ඒ කර්මාන්තය නැතහොත් වෙළෙඳාම මේ බද්දට යටත් වේ.

නෛතික අධිකාරිය

  • 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 247ආ වගන්තිය.
  • 255 අධිකාරය වන නගර සභා ආඥාපනතේ 165අ වගන්තිය.
  • 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 147 වන වගන්තිය සමග කියවිය යුතු 150 වන වගන්තිය.

සුදුසුකම්

අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට නියම කර නොමැති හා භාණ්ඩ හෝ ද්‍රව්‍ය විකිණීමේ කාර්යයක නියුක්ත වන තැනැත්තකු මේ බද්ද ගෙවීමට යටත් වේ.

කර්මාන්ත බද්ද අය කර ගැනීම

null

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • කර්මාන්ත බදු අයදුම්පත්‍රය
  • ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්
  • පරිසර බලපත්‍රයක් ලබා ගත යුතු ව්‍යාපාරයක් නම්, එහි පිටපතක්
  • අවශ්‍ය වන්නේ නම්, පිඹුරු සැලැස්මේ පිටපතක්

null

ගාස්තුව

  • රු. 1,000.00

null

හමුවිය යුතු නිලධාරියා

විෂය භාර නිලධාරී / ආදායම් පරීක්ෂක
null

සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය

034-2261163
null

ඔන්ලයින් අයදුම්පත්‍රය

කර්මාන්ත බදු අයදුම්පත්‍රයබාගත කරගන්න »