Introduction

ප්‍රාදේශීය සභාවක් විසින් තම බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් භූගෝලීය ප්‍රදේශයක් ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ අනුමැතිය ඇතිව දියුණු කළ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශය සඳහා එකී ප්‍රාදේශීය සභාව විසින් ද කිසියම් මහා නගර සභාවක් හෝ නගර සභාවක් විසින් ද ස්වකීය බල ප්‍රදේශය තුළ ගාස්තු අය කිරීමකින් තොරව සපයනු ලබන සේවාවන් සඳහා දරනු ලබන වියදම් ප්‍රතිපූරණය කර ගැනීම පිණිස පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව එකී පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන අනුපාතයක් යටතේ අය කරන ගාස්තුව, වරිපනම් යනුවෙන් හඳුන්වනු ලැබේ. එවැනි ප්‍රදේශයක් ඇතුළත සේවා සැපයීමට දරනු ලබන මුළු වියදම සහ එම ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර්ෂික වටිනාකම්වල එකතුව අතර අනුපාතය (ප්‍රතිශතය), එවැනි යම් දේපළක වාර්ෂික වටිනාකමෙන් ගුණ කිරීමෙන් ගණනය කරන මුදල එම දේපළ වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික වරිපනම වනු ඇත. ඉහත ආකාරයෙන් පළාත් පාලන ආයතනය විසින් මෙම ප්‍රතිශතය වාර්ෂිකව ගණනය කර තීරණය කරනු ලැබේ. වරිපනම් යනු බද්දක් නොවේ.

නෛතික අධිකාරිය

මහා නගර සභා ආඥාපනතේ 4 වන වගන්තියෙන් ද නගර සභා ආඥාපනතේ 4 වන වගන්තියෙන් ද සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තියෙන් එම ආයතනවලට නියම කර ඇති කාර්ය හා කර්තව්‍යය කිරීමේ දී හා ඉටු කිරීමේ දී දරනු ලබන වියදම ප්‍රතිපූරණය කර ගැනීමට –

  • (අ) මහා නගර සභා ආඥාපනතේ 230 වන වගන්තියෙන් මහා නගර සභාවලට ද;
  • (ආ) නගර සභා ආඥාපනතේ 160 වන වගන්තියෙන් නගර සභාවලට ද; සහ
  • (ඇ) ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියෙන් ප්‍රාදේශීය සභාවලට ද,

වරිපනම් නියම කර අය කර ගැනීමට බලය පැවරී ඇත.

සුදුසුකම්

  • කිසියම් පළාත් පාලන ආයතනයක වරිපනම් අය කිරීමට යටත් ප්‍රදේශයක පිහිටා ඇති හා එම ආයතනය විසින් තීරණය කරනු ලබන යම් නිශ්චල හෝ නිශ්චල දේපළ වර්ගයකට දේපළක් විය යුතු ය.

  • එකී යම් දේපළක අයිතිකරු හෝ පදිංචිකරු මෙම වරිපනම් ගෙවීමට යටත් විය යුතු ය. (දේපළෙහි පදිංචිකරු එකී දේපළෙහි අයිතිකරු වුව ද නොවුන ද එහි පදිංචිකරු – සභාව විසින් සපයනු ලබන සේවාවෙන් ප්‍රයෝජන ලබන තැනැත්තා – වරිපනම් ගෙවීමට යටත් තැනැත්තා විය යුතු ය)

වරිපනම් අය කිරීම

null

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • තක්සේරු නිවේදනය
    (තක්සේරු නිවේදනය නොමැති විටකදී වරිපනම් අංකය සහ පිහිටා ඇති මාර්ගය)

null

ගාස්තුව

  • වාර්ෂික මුදල එකවර ගෙවන විට
    ජනවාරි මස තුල ගෙවන්නේ නම් 10%ක වට්ටමක් හිමි වේ.
  • කාර්තුමය වශයෙන් ගෙවන විට
    කාර්තුවේ මුල් මාසය තුල ගෙවන්නේ නම් 5%ක වට්ටමක් හිමි වේ
  • දීර්ඝ කාලීනව අදාල දේපල තුල කිසිඳු භාවිතයක් නොමැති විටදී ප්‍රාදේශීය සභාව දැනුවත් කල යුතුය

null

හමුවිය යුතු නිලධාරියා

ආදායම් පරීක්ෂක / විෂය භාර නිලධාරී
null

සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය

034-2261163