Introduction

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීම් නියාමනය කිරීම සඳහා සම්මත කරන ලද නීති මගින් ඒ බල ප්‍රදේශය තුළ ජිවත් වන ජනතාවගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පහසුව සහ සුබසාධනය නියාමනය කිරීමේ අධිකාර බලය පළාත් පාලන ආයතන වෙත පවරා දෙනු ලැබ ඇත. මේ අනුව, පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත කෙරෙන සෑම ඉදිකිරීමක් ම සඳහා පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද ඉදිකිරීම් බලපත්‍රයක් යටතේ පමණක් සිදු කළ යුතු ය. මේ ඉදිකිරීම් බලපත්‍රය නිකුත් කිරීමේ දී සෞඛ්‍ය, සනීපාරක්ෂාව සහ පහසුව පිළිබඳ ව නියම කළ විධිවිධාන අනුගමනය කළ යුතු ය.

නෛතික අධිකාරිය

  • 268 අධිකාරය වන නිවාස හා නගර සංවර්ධන ආඥාපනත.
  • නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතේ සාදන ලද රීති.
  • 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත.
  • නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ සාදන ලද අංක: 2235/54 හා 2021. 07. 08 දින අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝග.

ඉදිකිරීම් බලපත්‍රයක වලංගුතාව

  • නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතට අයත් ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමකට අදාළ ගොඩනැගිලි ඉදිකිරීම් සැලැස්ම, ඒ ආඥාපනත යටතේ සාදන ලද රීතිවලට යටත් ව පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා විසින් අනුමත කර තිබිය යුතු ය.
  • 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් “නාගරික සංවර්ධන ප්‍රදේශයක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමක් වන විට සැලසුම් කමිටුවේ නිර්දේශ යටතේ ගොඩනැගිලි සැලැස්මේ මුහුණතෙහි ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලය පවරනු ලැබූ තැනැත්තා විසින් අනුමත කරන ලද බවට අත්සන් කරන ලද ඉදිකිරීම් බලපත්‍රයක් විය යුතු ය.
  • මේ කවර බලපත්‍රයක් වුව ද වලංගු වන්නේ බලපත්‍රය නිකුත් කළ දින සිට එක් වර්ෂයක කාලයක් සඳහා පමණි. ඒ කාලය තුළ ඉදිකිරීම් අවසන් කිරීමට නො හැකි වන්නේ නම්, අවස්ථා දෙකක දී තවත් වසරක් බැගින් වලංගු කාලය දීර්ඝ කර ගත හැකි ය. බලපත්‍රය නිකුත් කළ දින සිට වසර තුනක කාලය අවසාන වන තෙක් ඉදිකිරීම් අවසන් කිරීමට නො හැකි වුව හොත් අලුත් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර ඉදිකිරීම් බලපත්‍රය ලබා ගත යුතු ය.
  • කිසියම් ඉදිකිරීම් බලපත්‍රයක් අනුමත කිරීමේ දී, නියම කර ඇති කොන්දේසි හෝ සීමා කිරීම් කිසිවක් වේ නම්, ඊට යටත් විය යුතු ය.
  • ඉදිකිරීම් බලපත්‍රයකින් අනුමත කරනු ලැබ ඇති කොටස්වලින් පරිබාහිර ව කරනු ලබන කිසිදු ඉදිකිරීමක් හෝ වෙනස් කිරීමක් සඳහා කවර හෝ ආකාරයක ඉඩ දීමක් නොකරනු ලබන අතර, ඒ සෑම ඉදිකිරීමක් ම හෝ වෙනස් කිරීමක් ම අනවසර ඉදිකිරීමක් සේ සලකනු ලැබේ.

සටහන: නිකුත් කළ බලපත්‍රය යටතේ ඉදි කරන ලද ගොඩනැගිල්ල භාවිතයට ගැනීමට පෙර අනුකූලතා සහතිකය ලබා ගත යුතු ය. (මේ සඳහා වන පටිපාටිය වෙනම දක්වා ඇත)

සුදුසුකම්

  • අනුමතය ලබා දෙන පළාත් පාලන ආයතනයේ බල ප්‍රදේශය තුළ පවතින ඉඩමක් විය යුතුයි.
  • අයදුම්කරු දේපළෙහි නීත්‍යනුකූල හිමිකරු විය යුතු ය. නැතහොත් ඔහුගෙන් බලය ලබා ගත් නියෝජිතයකු විය යුතු ය.
  • පළාත් පාලන ආයතනය විසින් (වරිපනම් අය කිරීමේ කලාපයක් තුළ පවතින ඉඩමක් වන විට) පවත්වාගෙන යනු ලබන තක්සේරු ලේඛනයෙහි අදාළ දේපළෙහි නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තාගේ නම ඇතුළත් වී තිබිය යුතු ය. (තක්සේරු ලේඛනයේ නම ඇතුළත් කර ගැනීම සඳහා දේපළ හිමිකම ලියා පදිංචි කර ගැනීමේ පටිපාටිය බලන්න)
  • (i) නිවාස හා නගර සංවර්ධන ආඥාපනත අදාළ වන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, නිවාස හා නගර සංවර්ධන ආඥාපනතේ උප ලේඛනයේ දැක්වෙන රීති අනුව ඉදිකිරීම් සැලැස්ම ඇඳ තිබිය යුතු ය.
    (ii) නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ සාදන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල දක්වා ඇති නියම අනුව අඳින ලද ඉදිකිරීම් සැලැස්මක් තිබිය යුතු අතර, අදාළ ඉඩමේ පිඹුර ඒ නියෝගවලට අනුව අනුමත කර තිබිය යුතු ය.

ගොඩනැගිලි සැලසුම් සංවර්ධන බලපත්‍ර නිකුත් කිරීම්

null

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • ගොඩනැගිලි අයදුම්පත්‍රය
  • අනුමත පිඹුරුපත හා සංවර්ධන බලපත්‍රය
  • ගොඩනැගිලි සැලසුම් පිටපත් 04ක්
  • ඔප්පුවේ පිටපතක්
  • වරිපනම් ගෙවූ ලදුපතේ පිටපත (බදු ගෙවන්නේ නම්)

null

හමුවිය යුතු නිලධාරියා

විෂය භාර නිලධාරී
null

සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය

034-2261163
null

ඔන්ලයින් අයදුම්පත්‍රය

ගොඩනැගිලි අනුමත කරගැනිම සඳහා අයදුම්පත්‍රයබාගත කරගන්න »