හොරණ මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන රාජ්‍ය පරිපාලන ආයතනය හොරණ ප්‍රාදේශීය සභාව වේ. හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මන්ත්‍රී කොට්ඨාස 29කට බෙදා වෙන්කර ඇති අතර හොරණ සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හී ග්‍රාම නිලධාරී වසම් 85ද අයත් වේ.
හොරණ ප්‍රාදේශීය සභාවට සාදරයෙන් පිලිගනිමු

ඩී.ජී. ප්‍රසන්න සිරිසේන
ලේකම්
හොරණ ප්‍රාදේශීය සභාව
දැක්ම
පිවිතුරු,
සුවදායී
ජන දිවියක්
සැමට උරුම කරමු
මෙහෙවර
අප වෙත පැමිණෙන සුවහසක් ජනීජනයාගේ අවශ්‍යතා වෙත යහකම්පනයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීමත්, සියලු මහජන සේවාවන් පවත්නා නෛතික සීමාවන්ට යටත්ව විනිවිදව අවංකව, නිවැරදිව කාර්යක්ෂමව හා ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමත් අපගේ මෙහෙවර වන්නේය.
මහවක් ඔය, කළු ගඟට සම්බන්ධවන ස්ථානයේ සිට කළු ගඟේ මධ්‍ය රේඛාව දිගේ දම්.320 ක් පමණ ඊසාන දෙසට ගොස් එතැන් පටන් එම මධ්‍ය රේඛාව දිගේම තවත් දම්.310 ක් පමණ නැගෙනහිර දෙසට ගිය විට කොරලේ ඇළ, කළු ගඟට සම්බන්ධ වන ස්ථානය හමු වේ.එතැන් සිට කොරලේ ඇල ගඟට සම්බන්ධවන ස්ථානය හමුවේ. එතැන් සිට ගඟේ මධ්‍ය රේඛාවේ ඇති දිස්ත්‍රික් මායිම් දිගේ දම්.72 ක් පමණ උතුරු දෙසට ගොස් එම ලක්ෂයේ සිට දම් 16ක් පමණ නැවතත් උතුරු දෙසට ගිය විට ඉංගිරිය රත්නපුර මහා මාර්ගය හමුවේ. එතැන් පටන් දම්.184 ක් පමණ නම්බපාන කන්ද හරහා වයඹ දෙසට ගියවිට නම්බපාන ඇළ මුණ ගැසේ. එතැන් පටන් එම ඇළ දිගේ දම්.120ක් පමණ උතුරු දෙසට ගොස් එතැන් පටන් මඩකඩ රක්ෂිත වනයේ නැගෙනහිර මායිම දිගේ දම්.224 ක් පමණ වයඹ දෙසට ගොස් එම ලක්ෂයේ සිට නැවතත් දිස්ත්‍රික් මායිම දිගේම දම්. 224 ක් පමණ වයඹ දෙසට ගොස් එතැන් සිට දම්. 64 ක් පමණ නිරිතදිග දෙසට පැමිණි විට ඉංගිරිය-පාදුක්ක මහා මාර්ගය මුණ ගැසේ.
එම ලක්ෂ්‍ය යේ සිට දම්.170 ක් පමණ නැවතත් නිරිතදිග දෙසට ගොස් එතැන් පටන් දම්.176 ක් පමණ දකුණු දෙසට පැමිණ එම ලක්ෂ්‍ය යේ සිට දම්.96ක් පමණ බටහිර දෙසට ගොස් එතැන් පටන් දම්.280ක් පමණ වයඹ දෙසට ගොස් එම ලක්ෂ්‍ය යේ සිට දම්.72 ක් පමණ බටහිරට ගොස් වයඹ එතැන් සිට දම්.120 ක් පමණ නිරිතදිග දෙසට දිස්ත්‍රික් මායිම දිගේම පැමිණ එතැන් සිට දම්.224ක් පමණ එම මායිම දිගේම බටහිරට ගොස් එම ලක්ෂ්‍ය යේ මාර්ගය හමු වේ. එතැන් පටන් නැවතත් දිස්ත්‍රික් මායිම දිගේ දම්.300 ක් පමණ නිරිතදිග දෙසට ගියවිට කැස්බෑව හොරණ මහා මාර්ගය මුණගැසේ.
එතැන් පටන් එම මායිම දිගේම නැවතත් දම්.216ක් පමණ නිරිතදිග දෙසට ගොස් එම ලක්ෂ්‍ය සිට දම්.72 ක්ගිණිකොණ දෙසට ගියවිට කිඳෙල්පිටිය ගෝනපොල මාර්ගය මුණගැසේ. එතැන් පටන් නැවතත් දම්.104 ක් පමණ ගිණිකොණ දෙසට පැමිණි විට වීදාගම ගොඩිගමුව මාර්ගය මුණ ගැසේ. එතැන් පටන් දම්.96 ක් පමණ ඊසාන දෙසට ගොස් එතැන් සිට දම්.80ක් පමණ දකුණු දිසාවට පැමිණ එම ලක්ෂ්‍ය යේ සිට දම්.56ක් පමණ නැගෙනහිර දිසාවට ගොස් එතැන් පටන් දම්.72ක් පමණ නැවතත් දකුණු දෙසට පැමිණි විට බණ්ඩාරගම පොකුණුවිට මහා මාර්ගය මුණ ගැසේ.
එතැන් පටන් දම්.72ක් පමණ නැවතත් දකුණු දෙසට පැමිණ එතැන් සිට දම්.112ක් පමණ ඊසාන දෙස ගොස් එම ලක්ෂ්‍යයේ සිට දම්.184 ක් පමණ ගිණිකොණ දිසාවට ගියවිට හල්තොට-මාහේන මාර්ගය මුණ ගැසේ. එතැන පටන් දම් 115 ක් පමණ ඊසාන දෙසව ගිය විට හොරණ -බැල්ලපිටිය මහා මාර්ගය මුණ ගැසේ . එම ලක්ෂ්‍ය යේ සිට දම්.240ක් පමණ ඊසාන දෙසට ගොස් එතැන් සිට දම්.64ක් පමණ ගිණිකොන දෙසට ගියවිට මහාවක් ඔය මුණ ගැසේ.එම ඇල දිගේ දම්.120 ක් පමණ දකුණු දෙසට ගියවිට මහවක් ඹය කලු ගඟට සම්බන්ධවන ස්ථානය හමුවේ. එම ස්ථානය ආරම්භක ලක්ෂ්‍යය වේ.
වත්කම | සංඛ්‍යාව |
---|---|
සංස්ථාපනය | 1987-06-01 |
පළාත | බස්නාහිර |
දිස්ත්‍රික්කය | කළුතර |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ | හොරණ, ඉංගිරිය |
මැතිවරණ කොට්ඨාශය | හොරණ |
විශාලත්වය | වර්ග කී.මී.194 - 38 |
උප කාර්යාලය ගණන | 4 |
ජනගහනය | 186.431 |
ජන ඝනත්වය | 959.1 |
ග්‍රාම සේවක වසම් | 88 |
මන්ත්‍රීවරු (කොට්ඨාශ 29) | 51 |
සේවක සංඛ්‍යාව | 137 |
ආදේශක / අනියම් | 23 |
පුරප්පාඩු | 29 |
බල ප්‍රදේශය තුළ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග වල දිග | වර්ග කි.මී.0.786 |
බල ප්‍රදේශය තුළ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග වල දිග | කි.මි.148.8 |
බල ප්‍රදේශය තුළ පළාත් පාලන ආයතන වලට අයත් මාර්ග වල දිග | කි.මි.704 |
කොන්ක්‍රීට් දැමූ මාර්ග | කි.මි.6.5 |
තාර දැමූ මාර්ග | කි.මි.332.65 |
ග්‍රේවල් / බොරළු දැමූ මාර්ග | කි.මි.332.65 |
සභාව සතු මාර්ග සංඛ්‍යාව (ගැසට් කරන ලද) | 369 |
සංවර්ධනය කරන ලද ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරන ලද භූමි ප්‍රමාණය | කි.මි.194.43 |
පුස්තකාල | 5 |
ක්‍රීඩා පිට්ටනි | 3 |
සුසාන භූමි | 47 |
පොදු නාන ස්ථාන | 54 |
ප්‍රජා මණ්ඩල | 25 |
ප්‍රජා ශාලා | 02 |
ළදරු පාසල් - සභාව සතු | 01 |
ළදරු පාසල් - සභාව සතු නොවන | 53 |
පොදු වැසිකිළි | 2 |
සති පොළ | 01 |
සභාව සතු වෙනත් පදික කඩ කාමර | 56 |
සිනමා ශාලා (සභා බල ප්‍රදේශය තුළ පිහිටි) | 01 |
පොදු වෙළඳ සංකීර්ණ | 02 |
ආයුර්වේද මධ්‍යස්ථාන | 03 |
දෛනික කසල ජනනය | ටොන් 15 |
දෛනික කසල එකතු කරන ප්‍රමාණය | ටොන් 10 |
කසල කළමනාකරණය සඳහා පවතින වාහන ගණන | 08 |