හොරණ ප්‍රාදේශීය සභාව සතු පුස්තකාල ගණන 5 කි. එම පුස්තකාල සඳහා ජංගම බස් රථයක් හොරණ ප්‍රාදේශීය සභාව සතුවේ. මෙහි මුලු වියදම ලක්ශ 58 ක් පමණ වන අතර හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසෝක රණතුංග මැතිතුමාගේ ඉල්ලීම පරිදි, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ මග පෙන්වීමෙන් හෝම්ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම විසින් මූල්‍ය දායකත්වය සපයණු ලැබූ මෙම නවීන බස්රථය අංගෝපාංගයන් රැසකින් සමන්විතවේ. මෙය විශේෂිත ආකාරයෙක් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් සකසා ඇත.