ඉංගිරිය මහජන පුස්තකාලයේ ඉතිහාසය දෙස බලන විට එය දශක 4 කට ඈතට දිව යන බව සදහන් කළ හැකිය. මෙම පුස්තකාලයේ තිඹිරි ගෙය යුක්තිය පසිඳිලීමට උරුම කරගත් පසුබිමක සිදුවිය. එනම් 1960 දශකයේ අග භාගය වන විට ඉංගිරිය පාදුක්ක පාරේ ගම් සභා උසාවිය තිබී ඇත. ගම්සභාවේ නඩු අසන ලද්දේ මෙම ස්ථානයේය .මෙම ගම්සභා උසාවිය එවකට අයිති වූයේ රයිගම් උඩුගහවත්ත නම් සභාවටය එකල අද මෙන් ප්‍රාදේශීය සභා පාලන ඒකකයකකක් නොතිබිණි.
මෙසේ නඩු ඇසූ ගම් සභා උසාවිය ක්‍රමයෙන් අභාවයට යන ලදි. පසුව එම ස්ථානයේ ඇති ගොඩනැගිල්ල තුළ ඉංගිරිය මහජන පුස්තකාලය ආරම්භ කරන ලදි. එවකට භාරකරුවන් වූයේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේය. මෙම පුස්තකාලයෙහි ආරම්භක දිනය ලෙස සඳහන් කර මුල්ම සාමාජිකයා ලියාපදිංචි වූ දිනය ය.
1976 අප්‍රේල් මස 06 වන දින මෙසේ ප්‍රථම සාමාජිකයා ලියාපදිංචි වී ඇති අතර ආරම්භක දිනය ලෙස සඳහන් කර ඇත. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය පුස්තකාලය ඉදිකර ඇත. මෙසේ නඩුු ඇසු ගොඩනැගිල්ලේම පවත්වාගෙන ආ ඉංගිරිය මහජන පුස්තකාලය 2013 ජුනි 22 වන දින ප්‍රතිසංස්කරණය කරන ලදි. ඒ අනුව පැරණි ගොඩනැගිල්ලට යාබදව අංග සම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ල වර්තමානයේ පුස්තකාලය පවත්වාගෙන යනු ලබයි.

ස්වයංක්‍රීකරණය කරන ලද ඉංගිරිය මහජන පුස්තකාලය ( කොහා මෘදුකාංගය)
2019 දෙසැම්බර් මස 06 වන දින ඉංගිරිය මහජන පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කර ඇත. මේ මගින් පුස්තකාලය තුල පොත් බැහැර දීම, ආපසු ලබාගැනීම, දඩ අයකර ගැනීම, සිහිකැඳවීම් ලිපි යැවීම් ආදී සියලු කටයුතු ස්වයංක්‍රීයව ඉටු කෙරෙන අතර පුස්තකාලය තුල ඇති පොත් මොනවාද, සාමාජික ප්‍රමාණය හා පොත් ප්‍රමාණය ආදී තොරතුරු මෙන්ම පාඨකයින්ට හට ඩිජිටල් හැඳුනුම්පතක් ලබාගැනීමේ පහසුකමද සලසා ඇත.

0
පොත් සංඛ්‍යාව
0
පාඨක සංඛ්‍යාව

සඳුදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

අඟහරුවාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

බදාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

බ්‍රහස්පතින්දා

පෙ.ව. 8.30 – ප.ව.4.00

සිකුරාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

සෙනසුරාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

ඉංගිරිය මහජන පුස්තකාලය

පාදුක්ක පාර, ඉංගිරිය
034-2254963
hpsplingiriya@gmail.com

ආරම්භය

1976