2023 හොරණ ප්‍රාදේශීය සභා සාහිත්‍ය මහෝත්සවය පැවැත්වේ

හොරණ ප්‍රාදේශීය සභාවේ 2023 සාහිත්‍ය මහෝත්සවය 2023 ඔක්තෝම්බර් මස 03 වන අඟහරුවාදා දින ඉංගිරිය නව රංගශාලාවේදී පවත්වනු ලැබුණි. සහතික පත් බෙදාදීම, ජන ගායනා සහ ප්‍රධාන ⁣සාහිත්‍ය දේශනය ලෙස ජාතික අධ්‍යාපන අයතනයේ හිටපු සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගුරු අධ්‍යාපන, සංගීත විශාරද ශාස්ත්‍රපති සුදත් සමරසිංහ මහතාගේ දේශනයද මෙහිදී සිදුකෙරිණි.