මාවක්ඔය හෙළබොජුන්හල විවෘත කෙරේ

හිටපු සභාපති අසෝක රණතුංග මැතිතුමා ගේ සංකල්පයක් මත 2019.04.12 දින මූලික සාකච්ඡා වටයක් පවත්වා 2019.04.22 දින ප්‍රාදේශීය සභාවෙ සියල්ල හා එක්ව ශ්‍රමදානය ක් සිදුකර 2019 .08.22 මුල් ගල තබා මෙම මාවක්ඔය හෙළ බොජුන්හල ව්යාපෘතිය ආරම්භ කෙරිණි, විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් ඉදිකෙරුණු මෙම වියාපෘතිය 2023.10.05 දින හොරණ ප්‍රාදේශීය සභාවෙ ලේකම් බලතල කාර්‍ය කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමේ…

2023 හොරණ ප්‍රාදේශීය සභා සාහිත්‍ය මහෝත්සවය පැවැත්වේ

හොරණ ප්‍රාදේශීය සභාවේ 2023 සාහිත්‍ය මහෝත්සවය 2023 ඔක්තෝම්බර් මස 03 වන අඟහරුවාදා දින ඉංගිරිය නව රංගශාලාවේදී පවත්වනු ලැබුණි. සහතික පත් බෙදාදීම, ජන ගායනා සහ ප්‍රධාන ⁣සාහිත්‍ය දේශනය ලෙස ජාතික අධ්‍යාපන අයතනයේ හිටපු සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගුරු අධ්‍යාපන, සංගීත විශාරද ශාස්ත්‍රපති සුදත් සමරසිංහ මහතාගේ දේශනයද මෙහිදී සිදුකෙරිණි.

වොලිබෝල් තරඟාවලියෙන් ප්‍රධාන කාර්යාලයට ශූරතා දෙකම

අද දින පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගණයේදී අවසන් වූ හොරණ ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ වොලිබෝල් තරඟාවලිය සඳහා ප්‍රධාන කාර්යාලය, කනන්විල උපකාර්යාලය, පොකුණුවිට උප කාර්යාලය, ඉංගිරිය උප කාර්යාලය සහ පෝරුවදණ්ඩ උපකාර්යාලයෙන් කාන්තා හා පිරිමි කණ්ඩායම් තරඟ වැදුණි.

ලංකා අශෝක් ලේලන්ඩ් වෙතින් රෝදපුටුවක්

ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය විසින් හොරණ ප්‍රාදේශීය සභාවේ කනන්විල ආයුර්වේද මධ්‍යස්ථානය වෙත පැමිණෙන රෝගීන්ගේ භාවිතය සඳහා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය . ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු සභාපති අසෝක රණතුංග මහතාගේ මැදිහත් වීම මත සභාව වෙත මෙම පරිත්‍යාගය ලබාදීම සිදුවිය.

කුඹුක ජයමාවත ප්‍රිමික්ස් යොදා සංවර්ධනය කෙරේ

දැඩ් ලෙස අබලන්ව තිබූ කුඹුක ජයමාවත පොකුණුවිට මාර්ග ප්‍රාදේශීය සභාවේ පොකුණුවිට උප කාර්යාලයේ පෙරමුසු අංගනයේ සේවකයින් විසින් ප්‍රිමික්ස් යොදා සංවර්ධනය කිරීම සිදුකෙරින.

හොරණ ඔව්ටියාගල රන්වල පන්සල දක්වා ප්‍රාදේශීය සභාව විසින් තාර දමා සකස් කරනු ලබන මාර්ගය දෙපස කානු කපා සංවර්ධනය කෙරේ

හොරණ ඔව්ටියාගල රන්වල පන්සල දක්වා ප්‍රාදේශීය සභාව විසින් තාර දමා සකස් කරනු ලබන මාර්ගය දෙපස කානු කපා විධිමත්ව ජලය බැසයාමට සැලස්වීම පොකුණුවිට උප කාර්යාලයේ සේවකයින් විසින් සිදුකරන ලදී.

කෝරලඉම යූ.කේ.සිරිල් මාවත ප්‍රිමික්ස් යොදා සංවර්ධනය කෙරිණි

කෝරලඉම යූ.කේ.සිරිල් මාවත දක්වා මාර්ගයේ අබලන් කොටස් පොකුණුවිට උප කාර්යාලයේ පෙරමුසු අංගනයේ සේවකයින් විසින් ප්‍රිමික්ස් යොදා සංවර්ධනය කිරීම අවසන් කෙරිණි.

පානීය ජලය නොමැතිව පීඩා විඳින ඉංගිරිය බෝධිනාගල ග්‍රාමයේ ජනතාවට පානීය ජලය ලබාදේ

නියගය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විදින ඉංගිරිය බෝධිනාගල ග්‍රාමයේ ජනතාව වෙත ප්‍රාදේශීය සභාවේ බව්සර් රථය හා ටැංකි යොදවා පානීය ජලය ලබා දීම අද (2023.8.23) සිදුවිය. 

නියඟයෙන් පීඩිත ඉංගිරිය, නම්බපාන, නවගම්මාන පාර ප්‍රදේශයේ ජනතාව වෙත පානීය ජලය ලබා දෙනු ලැබේ

නියගය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විදින ඉංගිරිය, නම්බපාන, නවගම්මාන පාර ප්‍රදේශයේ ජනතාව වෙත ප්‍රාදේශීය සභාවේ බව්සර් රථය හා ටැංකි යොදවා පානීය ජලය ලබා දීම අද 2023.8.23 සිදුවිය.