වොලිබෝල් තරඟාවලියෙන් ප්‍රධාන කාර්යාලයට ශූරතා දෙකම

අද දින පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගණයේදී අවසන් වූ හොරණ ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ වොලිබෝල් තරඟාවලිය සඳහා ප්‍රධාන කාර්යාලය, කනන්විල උපකාර්යාලය, පොකුණුවිට උප කාර්යාලය, ඉංගිරිය උප කාර්යාලය සහ පෝරුවදණ්ඩ උපකාර්යාලයෙන් කාන්තා හා පිරිමි කණ්ඩායම් තරඟ වැදුණි.

ඉංගිරිය පොසොන් කලාපය 2023 හොඳම පහන් කූඩුවේ ජය හොරණ ප්‍රාදේශීය සභාවට

හොරණ ප්‍රාදේශීය සභාවේ ඉංගිරිය උප කාර්යාලයේ කාර්‍යමණ්ඩලය විසින් නිර්මාණය කර ඉංගිරිය පොසොන් කලාපයේ ඉංගිරිය රංග ශාලා පරිශ්‍රය තුල ප්‍රදර්ශනය කර තිබූ පොසොන් පහන් කූඩුව ඉංගිරිය පොසොන් කලාපයේ විවෘත පහන්කූඩු තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්විය. මෙම ජයග්‍රහණයෙන් පසුව ඒ වෙනුවෙන් බෝධිපූජා, දේවපූජාමය පිංකමක්ද එම කාර්යමණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි.

2023 සභාපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය පෝරුවදණ්ඩ උපකාර්යාල ජයග්‍රහණය කරයි

2023 හොරණ ප්‍රාදේශීය සභා සභාපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර පෝරුවදණ්ඩ උපකාර්යාල ශූරයෝ ලෙසද කනන්විල උපකාර්යාලය අනුශූරයෝ ලෙසද තරගය ජයග්‍රහණය කළේය.