- බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන තැනැත්තකුගෙන් බද්දක් නියම කර අය කර ගැනීමට, 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතෙන් මහා නගර සභාවලට ද, 255 අධිකාරය වන නගර සභා ආඥාපනතෙන් නගර සභාවලට ද සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතෙන් ප්‍රාදේශීය සභාවලට ද බලතල පවරා දී ඇත. මේ යටතේ ඒ පළාත් පාලන ආයතන විසින් එහි බල ප්‍රදේශය ඇතුළත පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාර මත බද්දක් නියම කර අය කර ගනු ලැබිය හැකි ය.
- කර්මාන්ත බද්දට යටත් ස්ථානයක් නොවන ස්ථානයක් වන අවස්ථාවක සහ යම් සේවා සැපයීමේ කාර්ය කර ගෙන යනු ලබන ස්ථානය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අතුරු ව්‍යවස්ථාවකින් නියම කර නොමැති අවස්ථාවක, ඒ ව්‍යාපාරය මේ බද්දට යටත් වේ.
හැඳින්වීම
නෛතික අධිකාරිය
- 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 247ඇ වගන්තියේ (1) ඡේදය.
- 255 අධිකාරය වන නගර සභා ආඥාපනතේ 165ආ වගන්තියේ (1) ඡේදය.
- 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 152 වන වගන්තියේ (1) ඡේදය.
සුදුසුකම්
කර්මාන්ත බද්දට යටත් ස්ථානයක් නොවන ස්ථානයක් වන අවස්ථාවක සහ අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට නියම කර නොමැති හා සේවා සැපයීමේ කාර්යයක නියුක්ත වන තැනැත්තකු මේ බද්ද ගෙවීමට යටත් වේ.