හැඳින්වීම

ඇතැම් කර්මාන්ත හෝ ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදු විය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතෙන් පැවරී ඇති බලතල යටතේ එම කර්මාන්ත හෝ ක්‍රියාකාරකම් විධිමත් කිරීමට හා පාලනය කිරීමට පරිසර විෂය භාර අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග අනුව, එවැනි යම් කර්මාන්තයක් හෝ ක්‍රියාකාරකමක් කිරීමට පෙර මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගත යුතු බලපත්‍රයකි.

  • ඉහත නියෝග අනුව පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරී ඇත.
  • මෙහි ඇමුණුම 01 හි දක්වා ඇති කිසියම් කර්මාන්තයක් පවත්වාගෙන යාම සඳහා ලබා ගත යුතු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරී ඇති බලතල, එකී ජාතික පාරිසරික පනතේ 26 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනවලට පවරනු ලැබ ඇත.
  • පළාත් පාලන ආයතනයක් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍ර භාර ගනු ලබන්නේ එකී ඇමුණුමෙහි සඳහන් කර්මාන්ත සම්බන්ධයෙන් පමණක් වන අතර සෙසු කර්මාන්ත සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කරනු ලබන බලපත්‍රයක් ලබා ගත යුතු ය.

නෛතික අධිකාරිය

  • 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත.
  • මෙහි ඇමුණුම 02 හි ඇතුළත් කර ඇති 2022. 01. 27 වන දිනය දක්වා ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති, එකී පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ නියෝග.

සුදුසුකම්

  • පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත ඇමුණුම 01 හි සඳහන් කිසියම් කර්මාන්තයක් ආරම්භ කිරීමට අදහස් කරනු ලබන නැතහොත් එවැනි කර්මාන්තයක් කර ගෙන යනු ලබන තැනැත්තෙකු විය යුතු ය.
  • අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝගවලින් කර ඇති නියම සම්පූර්ණ කර තිබිය යුතු ය.

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම

null

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • ඉල්ලුම්පත්‍රය
  • වෙළඳ බලපත්‍රයේ පිටපතක්
  • අනුමත කරන ලද පිඹුරුපතේ පිටපතක්
  • ඔප්පු පිටපතක්
  • ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ පිටපතක්
  • ව්‍යාපාරික ස්ථානයට යාමේ ගමන් මාර්ග සටහනක්
  • ජාතික හැඳුනුම්පතෙහි / රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්

null

ගාස්තුව

බලපත්‍ර ගාස්තු රු. 4,500.00

මූලික ආයෝජනය              පරීක්ෂණ ගාස්තු
250,000 දක්වා                 = රු. 3,000.00
250,000 – 500,000        = රු. 3,750.00
500,000 – 1,000,000     = රු. 5,000.00
1,000,000ට වැඩි නම්       = රු. 10,000.00

null

හමුවිය යුතු නිලධාරියා

විෂය භාර නිලධාරී
null

සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය

034-2261163
null

ඔන්ලයින් අයදුම්පත්‍රය

පරිසර ආරක්ෂණ බලපත්‍ර අයදුම්පතබාගත කරගන්න »