හැඳින්වීම

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් තුළ කෙරෙන කවර හෝ ආකාරයක ඉදි කිරීමක් සඳහා හෝ ඉඩම් අනු බෙදීමක් සඳහා නිකුත් කළ ඉදිකිරීම් බලපත්‍රයක හෝ සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය එක් වසරකට පමණක් සීමාවේ. එම බලපත්‍රයේ වලංගු කාලය ඇතුළත අදාළ ඉදිකිරීම හෝ සංවර්ධන කාර්යය අවසන් කර අනුකූලතා සහතිකය ලබා ගත යුතු ය.

ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් නියම කර අය කර ගනු ලබන වරිපනම් හෝ ප්‍රාදේශීය සභාවක් විසින් නියම කර අය කර ගනු ලබන අක්කර බදු කාර්යය සඳහා අවස්ථාවෝචිත පරිදි යම් දේපළක වාර්ෂික වටිනාකම් තීරණය කිරීම හෝ යම් ඉඩමක විශාලත්වය තක්සේරු කිරීම සඳහා ඒ පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පිහිටි සියලු දේපළ පිළිබඳ තොරතුරු ලේඛන ගත කර පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.
එසේම, ඒ යම් දේපළක අයිතිකරු හෝ පදිංචිකරු නිශ්චිතව දැන ගෙන සිටීම මේ කාර්යය තවදුරටත් පහසු කරනු ඇති අතර එම යම් දේපළක් සම්බන්ධයෙන් තැනැත්තන් පළාත් පාලන ආයතනය සමග කටයුතු කිරීමේ දී ඒ දේපළවල අයිතිය පළාත් පාලන ආයතනයේ ලියා පදිංචි කර තිබීම දෙපාර්ශවයට ම පහසු වේ. මෙම දේපළවල අයිතිය ඇතැම් අවස්ථාවල දී හුවමාරු වන බැවින් එසේ අයිතිය වෙනස් වූ විට, ඒ පිළිබඳ වෙනස් වීම ද පළාත් පාලන ආයතනයේ ලියා පදිංචි කර තිබීම ඉහත ආකාරයෙන් ම වැදගත් වේ.

නෛතික අධිකාරිය

  • 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 71 (3) සහ 235 වන වගන්තිය.
  • 255 අධිකාරය වන නගර සභා ආඥාපනතේ 55 (3) වගන්තිය සහ 166 වන වගන්තිය සමග කියවිය යුතු 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 235 වන වගන්තිය.
  • 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 139 වන වගන්තිය සහ 141 වන වගන්තිය.
  • සුදුසුකම්

    අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පිහිටි දේපළක හිමිකරුවකු වීම.

    දේපල හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම

    null

    ඉදිරිපත් කළ යුතු ලේඛන

    • ඉල්ලුම් පත්‍රය – රජයේ නොතාරිස්වරයෙකු විසින් රුක් සටහනක් ලෙසින් සකසන ලද පෙලපත් සටහනක් සමග සම්පූර්ණකර සහතික කර තිබිය යුතුය.
    • හිමිකමට අදාල ඔප්පුවේ පිටපතක්

    null

    ගාස්තුව

    රු. 200.00

    null

    හමුවිය යුතු නිලධාරියා

    විෂය භාර නිලධාරී / ආදායම් පරීක්ෂක
    null

    සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය

    034-2261163