කනන්විල, පෝරුවදණ්ඩ, පොකුණුවිට හා ඉංගිරිය උප කාර්යාල මඟින් දිරන හා නොදිරන යනාදී ලෙස කසළ වගවත්ත අපද්‍රව්‍ය මධස්ථානය වෙත කසළ ලබා දෙනු ලැබේ. දෛනිකව දිරන කසළ හා සතියකට දින දෙකක් නොදිරන කසළ එක් රැස් කිරීම නිශ්චිත කාල සටහනක් අනුව සිදු කරනු ලැබේ.

කසළ කළමනාකරණ කටයුතු සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්

  • පරිසර පොළ වැඩසටහන
  • පරිසර රියසර වැඩසටහන
  • පිවිතුරපුර වැඩසටහන
  • සහන මිල ගණන් යටතේ කොම්පෝස්ට් බඳුන් ලබා දීම.
  • කසළ වෙන් කිරීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • කසළ බඳුන් නොමිලයේ ලබාදීම.
  • කසළ බහාලනය සඳහා මළු නොමිලයේ ලබාදීම.