හැඳින්වීම

  • යම් ප්‍රසිද්ධ ස්ථානයක සිට බැලූ විට පෙනෙන පරිදි, මහජනතාව වෙත කිසියම් පණිවුඩ සන්නිවේදනය කිරීමක් සඳහා පුවරුවක හෝ බැනරයක ආධාරයෙන් ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීම්වලින් දෘශ්‍ය පරිසරයට සිදු විය හැකි බාධා හෝ හානි වළක්වාලීමේ අරමුණ ඇතිව ප්‍රචාරක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම නියාමනය කිරීමට පළාත් පාලන ආයතන විසින් අතුරු ව්‍යවස්ථා සාදනු ලැබ ඇත.
  • දැන්වීමක් හෝ පණිවුඩයක් හෝ තැනැත්තන් වෙත සන්නිවේදනය කිරීම සඳහා රූප හෝ වචන හෝ වෙනත් කවර හෝ ආකාරයක සංඥා හෝ යොදා ගනිමින් කවර වූ හෝ පොදු ස්ථානයක සිට බැලූ විට පෙනෙන පරිදි කිසියම් තැනක සවි කරන ලද හෝ එල්ලා තබන ලද හෝ අලවා තබන ලද නැතහොත් ප්‍රදීප්ත පුවරුවක් වශයෙන් ප්‍රදර්ශනය කරනු ලබන, මුද්‍රණය කරන ලද හෝ අතින් අඳින ලද හෝ විද්‍යුත් හෝ වෙනත් ආකාරයක ආලෝක සංඥා හෝ වෙනත් කවර හෝ ආකාරයකින් ප්‍රදර්ශනය කරනු ලබන සන්නිවේදනයක් ප්‍රචාරක දැන්වීමක් වශයෙන් හඳුන්වනු ලැබේ.
  • “පොදු ස්ථානය” යන්නට, යම් වීදියක්, පාරක්, ඇලක්, වැවක්, මුහුද, අහස හෝ රජයට හෝ පළාත් පාලන ආයතනයට අයත් කිසියම් ස්ථානයක හෝ මහජනතාව පරිහරණය කරනු ලබන යම් වෙනත් පොදු ස්ථානයක් අදහස් වේ.
  • ඉහත කී කවර හෝ ආකාරයක ප්‍රචාරක දැන්වීමක් සහ එය ප්‍රදර්ශනය කරන ස්ථානය, අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන අනුගමනය කර තිබෙන බවට පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරනු ලබන සහතිකය, මේ කාර්යයේ දී “අවසර පත්‍රය” යනුවෙන් අදහස් වේ.

සටහන

  • පහත දැක්වෙන යම් කාරණයකට අදාළ ව ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් සඳහා ගාස්තු ගෙවීමේ සහ අවසර පත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් වේ.
    ප්‍රතිදීප්ත ප්‍රචාරක දැන්වීමක් හෝ ගුවන් පුවරුවක් නොවන –
    (අ) “කුලියට දීමට තිබේ” යන්න හෝ “විකිණීමට තිබේ” යනුවෙන් වූ ප්‍රචාරක දැන්වීමක්;
    (ආ) ගෘහ නාම පුවරු හෝ වර්ග මීටර් 0.093 (වර්ග අඩි 1) නො ඉක්මවන වෘත්තිය කටයුත්තකට අදාළ දැන්වීමක්;
    (ඇ) වෙළෙඳ කටයුත්තක් සඳහා යොදා ගන්නා වාහනයක ප්‍රදර්ශනය කරනු ලබන ඒ ව්‍යාපාරයේ ස්වභාවය, අයිතිකරුගේ නම, ලිපිනය හා දුරකථන අංක දැක්වෙන ප්‍රචාරක දැන්වීමක්.
  • පහත දැක්වෙන යම් කාරණයකට අදාළ ව ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් සඳහා ගාස්තු අය කිරීමේ අවශ්‍යතාවෙන් නිදහස් වන නමුත් අවසර පත්‍රයක් ලබා ගැනීමට යටත් විය යුතු ය.
    ප්‍රතිදීප්ත ප්‍රචාරක දැන්වීමක් හෝ ගුවන් පුවරුවක් නොවන –
    (අ) ශුද්ධ ලාභය පුණ්‍ය කටයුත්තක් සඳහා යොදවන යම් ප්‍රසංගයක දැන්වීමක්;
    (ආ) කිසියම් ප්‍රසංගයක් පවත්වන ස්ථානයේ සවි කරනු ලබන ඒ ප්‍රසංගයට අදාළ ප්‍රචාරක දැන්වීමක්;
    (ඇ) ආගමික, දේශපාලනික හෝ මහජන රැස්වීමක් පිළිබඳ දැන්වීමක්
  • කිසියම් ප්‍රචාරණ කාර්යයක් සඳහා ප්‍රදර්ශනය කරන පෝස්ටර් සඳහා අවසර පත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් වන නමුත් එවැනි යම් පෝස්ටරයක්, ඇලවීම සඳහා වෙන් කර ඇති ස්ථානයක හැර වෙනත් ස්ථානයක අලවා තැබීම වරදක් වේ.

නෛතික අධිකාරිය

කිසියම් පළාත් පාලන ආයතනයකට ලැබී ඇති බලය යටතේ සාදන ලද හෝ ඒ යටතේ සාදන ලදැයි සලකනු ලබන, ප්‍රචාරක දැන්වීම් හා දෘශ්‍ය පරිසරය පිළිබඳ අතුරු ව්‍යවස්ථා.

ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම

null

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • ඉල්ලුම්පත්‍රය
  • ප්‍රදර්ශන දැන්වීමේ ආදර්ශන ආකෘති පිටපතක්
  • ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්

null

හමුවිය යුතු නිලධාරියා

විෂය භාර නිලධාරී / ආදායම් පරීක්ෂක
null

සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය

034-2261163
null

ඔන්ලයින් අයදුම්පත්‍රය

ප්‍රචාරක දැන්වීම් පළ කිරීම සඳහා අවසර ලබාගැනීමේ අයදුම්පත්‍රයබාගත කරගන්න »