බල ප්‍රදේශය තුළ පදිංචිකරුවකු විසින් පානීය ජල සම්බන්ධතාවක්, විදුලි බල සම්බන්ධතාවක්, දුරකථන නැතහොත් වෙනත් යම් ආකාරයක විදුලි සංදේශ සම්බන්ධතාවක් හෝ වෙනත් සේවා සම්බන්ධතාවක් ලබා ගැනීමේ දී හෝ ඒ සම්බන්ධතා සේවා හෝ වෙනත් සේවා සම්බන්ධතා සේවා සපයනු ලබන කිසියම් සේවා ප්‍රවර්ධන ආයතනයක් විසින් ඒ යම් සම්බන්ධතාවක් ලබා දීමේ දී නැතහොත් ඇති කිරීමක දී, අදාළ සම්බන්ධතාව ලබා ගැනීම හෝ සැපයීම පළාත් පාලන ආයතනය සතු මාර්ගයක් පළුදු කරමින් භූගත ව සිදු කළ යුතු වන අවස්ථාවක දී, අදාළ මාර්ගයට කරනු ලබන පළුදු කිරීම යථා තත්ත්වයට පත් කිරීමට වැය වන මුදල පියවා ගැනීම අත්‍යවශ්‍ය වේ. අවස්ථාවෝචිත පරිදි සේවා සම්පාදකයා හෝ සේවා ලාභියා විසින් මේ මුදල සභාවට ගෙවිය යුතු ය.
හැඳින්වීම
නෛතික අධිකාරිය
- 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 40 (1) (ප) ඡේදය.
- 255 අධිකාරය වන නගර සභා ආඥාපනතේ 36 (ඒ) ඡේදය.
- 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 19 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (xxxii) වන ඡේදය.
සුදුසුකම්
- සේවා සම්පාදනයක් සැලසීමේ දී හෝ සේවා සම්බන්ධතාවක් ලබා ගැනීමේ දී පළාත් පාලන ආයතනය සතු මාර්ගයක් පළුදු කිරීමට සිදු වන අවස්ථාවක දී, සේවා සැපයුම්කරු හෝ සේවාලාභියා මේ ඉල්ලීම කිරීමට සුදුසුකම් ලබනු ඇත.
- පළාත් පාලන ආයතනය සතු මාර්ග සම්බන්ධයෙන් පමණක් මෙම පහසුකම අදාළ වේ.